දර්ශණයක් අවශ්‍ය වනවා සේම ඒ දර්ශණය යථාර්තයක් බවට පත් කිරීම සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන්නේය. අපේ මෙහෙවර ඒ මඟ, ඒ දර්ශනය සමාජය අතරට ගෙන යාමය. ඒ මගින් එකිනෙකා හඳුනා ගැනීමට හැකි වනවා පමණක් නොව මෙවැනි හඳුනාගැනීමක් නිසා යම් කිසි පොදු විශ්වාසයක්, මිත්‍රත්වයක් ද ඒ අය අතර ඇති වේ. මේ කියවන ඔබද එහි කොටස්කරුවෙකු වන්න කැමතිද? වෙනස් වන ලෝකයක, සමාජයක කොටස්කරුවන් වන අපි ඒ වෙනස් වීම් හඳුනා ගෙන ඊට නිසි ප්‍රතිචාර දැක්විය යුතුය. වෙනස් වීම් සමඟ යෝග්‍ය පරිදි වෙනස් වී ඉදිරියට ගමන් කළ යුතුය. අපේ මෙහෙවර වන්නේ ඔබට මේ කටයුත්තට සහභාගි වී යහපත් අනාගතයක් ගොඩ නැගීමට අවස්ථාවක් සළසා දීමය.
මේ අපි ජීවත්වන ලාංකික සමාජය නොයෙකුත් අර්බුද වලට මුහුණ පා සිටින මොහොතකි. අපි මුහුණ දී තිබෙන ඒ අර්බුද මොනවාද? ඉන් මිදීමට අපි ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද? යන මේ ප්‍රශ්න විග්‍රහකොට පිළියම් සෙවීමට රටේ පුරවැසියන්ටත් අවස්ථාවක් ලබා දීම අපේ මෙහෙවර බව කිව යුතුය.
Thursday, Mar 11th
Last update:04:09:35 PM GMT
Headlines:



යහපත් ඉදිරි ගමනකට අපේ මෙහෙවර