ශ්‍රී‍්‍ර ලංකාව යටත් විජිතයක් බවට පත් වීමත් සමඟම ඒතාක් පැවති වැඩවසම් ක‍්‍රමය යටතේ පැවති “රාජ්‍ය සේවය” වෙනසකට භාජනය වීම ඇරඹුනි. රජ තුමාගේ සිට ගම් මට්ටමේ ගම්මුලාදෑනි දක්වා විහිදී පැවති දේශීය පරිපාලන රටාව යටත් විජිත රජය යටතේ ක‍්‍රමයෙන් දේශීය ප‍්‍රභූවරුන් වෙතින් ඉංගී‍්‍රසි ජාතිකයින් අතට පත්වන්නට විය. විශේෂයෙන්ම ඉහළ මට්ටමේ පරිපාලන තනතුරු මෙසේ වෙනසකට භාජනය විය.යටත් විජිත පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී අරමුණු වලට ගැලපෙන සේ මෙම පරිපාලන ක‍්‍රමය සකස් කරන ලදී. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ යටත් විජිතයක් ලෙස මෙරට පාලනය කරමින් මෙරට සම්පත් වලින් ප‍්‍රයෝජන ගනිමින් තම මව්බිම වෙත ධනය රැස්කර ගැනීමයි. ඒ අනුව එම ආදායම් රුස්කර ගැනීම සඳහා නිළධාරීන් පත් කරන ලදී.ඊට අවශ්‍ය පරිදි වාතාවරණය සකස් කිරීමත් නීති රීති රෙගුලාසි පැනවීමත් සිදුවිය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පරිදි පහල මට්ටමේ රාජ්‍ය සේවය සඳහා දේශිය පුරවැසියන්ද යොදා ගන්නා ලදී.තම අරමුණු වලට ගැලපෙන පරිදි ඔවුන් මෙභෙය වීම සඳහා පරිපාලන රෙගුලාසි, මුදල් රෙගුලාසි ආදිය පනවන ලදී. මේ අනුව දේශිය ජනතාව පාලනය කරමින් ඔවුන් තුලින් ධනය උපයා ගැනීම සඳහා දේශ්‍රීය පුරවැසියන්ව රාජ්‍ය සේවයට යොදාගැනීම ඔවුන්ගේ පරිපාලන ක‍්‍රම වේදය විය.
1948 දී ශ‍්‍රී ලංකාව දේශපාලන නිදහස ලබාගෙන රට සංවර්ධනය කිරීම අරඹන ලදී. දේශිය අරමුණු පදනම් කරගත් ජාතික ප‍්‍රතිපත්ති සැකසුනි. ඊට ගැලපෙන ලෙස නීති රෙගුලාසි ක‍්‍රමයෙන් සකස් වන්නට විය.පරිපාලන ව්‍යුහයේ වෙනස් කම් ඇතිවිය. පරිපාලන තනතුරු දේශිය පුද්ගලයින් අතට ක‍්‍රමයෙන් පත්විය. පැරණි ප‍්‍රභූ මුලාදෑනි ක‍්‍රමය වෙනුවට නව උගත් නිළධාරී ක‍්‍රමයක් ඇතිවිය.ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම අරමුණු කරගෙන සංවර්ධන ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීමට පියවර ඇරඹුනි. ධනවාදී මෙන්ම සමාජවාදී ප‍්‍රතිසංස්කරණ වරින් වර විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයන් යටතේ හදුන්වා දුනි. මෙම පරිවර්ථනය තුලින් සාමාන්‍ය පන්තියේ උගතුන් රාජ්‍ය සේවයට ඇතුල් වීම 1950 ගනන් වලින් පසුව නිදහස් අධ්‍යාපනයත් සමඟ සිදුවිය. එභෙත් යටත් විජිත සමයේ නටඹුන් ලෙස අපට ඉතිරි වු රාජ්‍ය නිළධාරියා කෙරෙහි සමාජය තුල තිබූ පිළිගැනීම, බලය හා පාලකයෙක් ලෙස තිබූ තත්ත්වය කෙතෙක් දුරට වෙනස් වී තිබේද ?
නිදහසින් පසු රාජ්‍ය සේවාවන් ලෙස නිෂ්පාදන හා වෙළඳ ව්‍යාපාර වැනි කටයුතුද නීති මඟින් සිදුකෙරෙන යම් පාලන කාර්යයන්ද ඉටු කිරීම සඳහා රාජ්‍ය ආයතන බිහිවිය. සමහර සේවාවන් පෞද්ගලික අංශයෙන්ද ඉටු කල හැකි වුවද ඒවා එකාධිකාරී රජයේ ආයතන ලෙස පවත්වාගෙන යන ලදී.සමහර සේවාවන් රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙන්ම කි‍්‍රයාවට නංවන ලදී. 1977 න් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමත් සමඟ ආර්ථික කටයුතුවල යෙදුන බොහෝ රාජ්‍ය සේවාවන් පෞද්ගලීකරණය කරන ලදී. පෞද්ගලික අංශයේ වෙළඳපල තරඟකාරීත්වය මේ තුලින් වර්ධනය විය.ඒ අනුව පෞද්ගලික අංශයේ සෙවාවන් වල පාරිභෝගික නැඹුරුව වැඩි විය. පෞද්ගලික අංශය වර්තමානයේ ලාභ උපරිම කිරීම යන අරමුණ වෙනුවට පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීම යන සංකල්පය අනුගමනය කරයි.
රාජ්‍ය අංශයේ සේවාවන්ද මහජනයා සඳහා සපයන සේවාවන් වේ. එසේනම් පෞද්ගලික අංශය මෙන් පාරිභෝගියා තෘප්තියට පත් කිරීමට රාජ්‍ය සේවාවන්ද පෙලඹිය යුතු නොවේද ? විශේෂයෙන්ම පෞද්ගලික අංශය සමඟ වෙළදපලේ තරඟකාරී ලෙස කි‍්‍රයාත්මක වන රාජ්‍ය සේවාවන්හීදි වෙළඳපල ජය ගැනීමට නම් තරඟකාරීලෙස පාරිභෝගිකයා තෘප්තිමත් කළ යුතු නොවේද? අනෙක් අතට රාජ්‍යය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අරමුදල් සපයන්නේ එහි පාරිභෝගික ජනතාවමයි. එසේනම් ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට රාජ්‍ය සේවාවන් සැකසිය යුතු නොවේද. මෙම තත්ත්වය කොතෙක් දුරට රාජ්‍ය සේවකයින් අවබෝධ කරගෙන තිබේද? මේවා වර්තමානයේදී විමර්ශනයට භාජනය කල යුතු කරුණුය.
යටත් විජිත ක‍්‍රමය තුලින් උරුමකර දුන් රාජ්‍ය සේවකයින්ගේ ගෞරවය, නම්බුව හා තමා පාලකයෙකු යන හැඟීම මෙතෙක් වෙනස් වී නැති බව පෙනේ. මේ නිසා තම සේවාලාභී ජනතාව තමන්ගේ පාලිතයින්ය යන හැඟීම රාජ්‍ය සේවකයා තුලින් පහව නැත.රාජ්‍ය සේවාවන්වල ගුණාත්මක තත්ත්වයන් පිරිහීමට මෙය බලපා ඇති බව කිව යුතුය. තමා වෙත පැමිනෙන සේවා ලාභියා තමාගේ පාරිභෝගිකයෙකු ලෙස සලකා එම පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත්වන ලෙස කටයුතු කිරීමට උත්සුක වෙනවා වෙනුවට තම ගාම්භීරත්වය පෙන්වීමට, තමාගේ වටිනාකම පෙන්වීමට, තමන් සපයන සේවාවන් වල අගය වැඩිකර පෙන්වීමට රාජ්‍ය සේවාවල යෙදී සිටින්නන් කටයුතු කරනු නිරන්තරයෙන් දැකිය හැක. මෙවැනි ආකල්පමය ව්‍යුහයක් වෙනස් කිරීමට රාජ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් හෝ පරිපාලන ප‍්‍රතිසංස්කරණ තුලින් පොදුවේ හෝ කොතරම් දුරට සාර්ථක උත්සාහයන් දරා තිබේද යන්න විමසා බැලිය යුතුය.
යටත් විජිත යුගයෙන් උරුම කර දුන් පරිපාලන රෙගුලාසි, මුදල් රෙගුලාසි වැනි පාලන රෙගුලාසි තුලින් කාර්්‍යක්ෂම රාජ්‍ය සේවාවක් සඳහා වු වත්මන් අරමුණු සාර්ථකව ඉටුවන්නේනම් එම රෙගුලාසි පොත්වල පිටු සංඛ්‍යාවන් වැඩි වෙමින් මහා පුස්තක බවට පත්වීමට හේතුවක් නැත. මේ තුලින් ඉහතකි රාජ්‍ය සේවකයන්ගේ ගාම්භීරත්වය වැඩිවීමට නම් බලපා ඇති බව පෙනේ. පාරිභෝගිකයා අතෘප්තියට පත්කර තමාගේ අගය පෙන්වීමට අවශ්‍ය වාතාවරණය මෙම රෙගුලාසි වලින්ම සපයා ගැනීම බොහෝ රාජ්‍ය සේවකයින්ගේ සිරිතක් වී ඇත. එසේනම් පෞද්ගලික අංශයේ මෙන් පාරිභෝගිකයා තෘප්තියට පත්කිරීමට නම් රාජ්‍යය සේවකයා පළමුවෙන්ම දැනගතයුතු කරුණක් ඇත. එනම් තම සේවාලාභියා පාරිභෝගිකයෙකු බව හදුනා ගැනීමයි.
එසේ නොමැතිව සේවාලාභියා තමාගේ පාලිතයෙකු යන හැගීම ඉවත් කල යුතුය. එසේනම් ඊලඟට පාරිභෝගිකයාට තමා විසින් සත්කාර කල යුතු බවත් පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීමට උත්සුක විය යුතු බවත් අවබෝධ කර ගත යුතුය. මේ සඳහා අවශ්‍ය පසුබිම රාජ්‍ය ආයතන තුල ඇතිවිය යුතුය. මීට ගැලපෙන අයුරින් තම ආයතනවල දැක්ම හා මෙභෙවර ප‍්‍රකාශය සකස් කර ගත් ආයතන කීයක් වර්තමානයේ තිබේ දැයි සොයා බැලීම වටී. එපමණක් ප‍්‍රමාණවත් නොවේ. ඊට ගැලපෙන අයුරින් ආයතනයේ අරමුන සකස් විය යුතුය. ඊට ගැලපෙන අයුරින් ආයතන වල ඉදිරි සැළසුම් සකස් විය යුතුය. ඊට අනුකූලව සේවක ආකල්ප වෙනස් කිරීම සඳහා උපක‍්‍රම අනුගමනය කල යුතුය. තවද ඊට ගැලපෙන සේ සේවාවන් වලට අදාල කි‍්‍රයාවලීන්, රෙගුලාසි, කාර්යපරිපාටි ආදිය සකස් කල යුතුය. මේ සඳහා නවීන ලෝකයේ ප‍්‍රමුඛ පෞද්ගලික ආයතන අනුගමනය කරන නවීන එලදායිතා සංකල්ප හා තත්ත්ව වර්ධන සංකල්ප කි‍්‍රයාවට නැංවිය හැක. මේ සඳහා සාර්ථක උත්සාහයන් ගන්නා රාජ්‍ය ආයතන කීපයක් දැනට මෙරට රාජ්‍ය සේවය තුල දැකිය හැකි බවද කිව යුතුය.ජාතික එලදායිතා සම්මාන, ජාතික තත්ත්ව සම්මාන, ජාත්‍යන්තර තත්ත්ව සහතික වැනි ඇඟයීම් වලට ලක්ව ඇත්තේ එවැනි වෙනසකට මුල පුරා ඇති ආයතන බව කිව යුතුය.
මෙරට රාජ්‍ය සේවාවන් හි පරිපාලන ප‍්‍රතිසංස්කරන ඇති කිරිමේදී සැලකිල්ලට භාජනය විය යුත්තේ මෙම වෙනස ඇති කිරීමේ ක‍්‍රම වේදය බව කිව යුතුය.


