Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: නව පුවත් දේශපාලනය අමිල හිමි නිදහස් කෙරේ

අමිල හිමි නිදහස් කෙරේ

අත්අඩංගුවට පත්ව සිටි පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියන් අද පෙරවරුවේ ඇපමත නිදහස් කිරීමට හොරණ මහේස්ත්‍රාත්වරිය නියෝග කොට ඇත. පුද්ගලයන් පිටරට යවමින් මුදල් ඉපයූ බව අමිල හිමියන්ට එල්ල වූ චෝදනාවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පලකරමින් මල්වතු මහාවිහාරවාසී අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කොට ති‍බිණ.

මැතිවරණයක් කැදවා තිබියදී මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම භයානක පූර්වාදර්ශයක් බවත්, පවත්නා නීතියට අනුව රජය කටයුතු කල යුතු බවත් මහානායක හිමියන් මෙහිදී අවධාරණය කොට තිබුණි.