රැකියා විරහිත උපාධිධාරීන් උපවාසයක නිරතවෙමින් හිදී. මීට දින විස්සකට පමණ පෙර ආරම්භ කල උද්ඝෝෂණය අද වන විට උපවාසයක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් ට රැකියා ලබාදෙන ලෙසයි.
මේ ගැටළුව අද ඊයේ ඇති වූවක් නොවේ. සෑම වසර දෙක තුනකට වරක්ම මේ රටේ මෙවැනි ගැටළුවක් පැන නගින බව කොයි කවුරුත් දන්නා කරුණකි.
මෙවැනි ගැටළුවක් ඇතිවීමට හේතුසාධක කීපයක්ම හදුනාගත හැකිය. ඉන් පළමුවැන්න රජයට මේ ගැටළුව විසදීම සදහා නිවැරදි ක්‍රියාමාර්ගයක් නොතිබීමයි. එය පවතින සෑම රජයක්ම මුහුණ දුන් ගැටළුවකි. දෙවැන්න රටේ ජනතාවගේ ආකල්පයන්ය. තෙවැන්න මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින වරදයි.
අපේ රටේ උපාධි සහතිකයට ප්‍රමිතියක් ඇද්දැයි විමසා බැලිය යුතුය. වසරකට විශ්ව විද්‍යාලතුලට ඇතුළුවන උපාධි අපේක්ෂකයින් ප්‍රමාණය දහස් ගණනකි. මෙලෙස සරසවියට ඇතුළුවීමට ඉඩක් නොලැබෙන පිරිස බාහිරව උපාධිය සම්පූර්ණ කරති. අපේ රටේ බාහිර උපාධියට තෝරාගන්නා පිරිස පිළිබදවද ගැටළුවක් ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා සාමාන්‍ය සමාර්ථයක් තිබුණද ඔවුනට උපාධියක් ලබා ගත හැකිය. මෙලෙස වසරකට එක් වන දෙතුන් දහසක් දෙනාද රැකියා විරහිත උපාධිධාරීන්ගේ පිරිසටම එක් වෙයි.
අනෙක් අතට අපේ සමාජයේ මුල් බැසගත් මතයක් තිබේ. එය නම් උපාධියක් හිමි සෑම අයෙකුටම රජයේ පිලිගත් රැකියාවක් හිමිවිය යුතුයි යන්නයි. උපාධිධාරීන්යැයි කියාගන්නා පිරිසගේ කුසලතාවයන් පිළිබද ප්‍රමාණාත්මක තක්සේරුවක් නොකොට ඔවුන්ට ඕනෑම රාජකාරියක් කල හැකි යැයි සිතන පිරිසක් උපාධිධාරීන් අතරද සමාජයේද සිටියි.
මේ උපවාසයන්හි නිරතවන බහුතරයක් සිසුන් කලා උපාධිධාරීන්ය. බොහෝවිට විද්‍යා හා වානිජ උපාධිධාරීන් පෞද්ගලික අංශයේ හෝ රැකියා සදහා යොමුවෙයි. විශ්ව විද්‍යාලය තුලදීම ඔවුන් වෘත්තීය කුසලතාවයන් ගොඩනගා ගනී. නමුත් කලා උපාධිධාරීන් මේ පිළිබද අවධානය යොමුකරනුයේ අවම වශයෙනි. ඔවුන්ගේ උපාධියට සරිලන රැකියා රටේ නිර්මාණය විය යුතුය. විශ්ව විද්‍යාල තුල කලා උපාධිය සදහා වන විෂයන් සංශෝධනයකට ලක් කල යුතුය. එයින් අදහස් කරනුයේ කලා විෂයයන් ඉවත්කිරීමක් පිළිබද නොවේ. යම් ප්‍රමිතියකට අනුව සකස් කිරීමකි. රටට අවශ්‍ය කලා උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණ ද යන්න පිළිබදව අවබෝධයෙන් මේ කටයුතු සිදුකරන්නේ නම් යහපත්ය.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් නොවන තාක් මේ ගැටළුව දිගින් දිගටම පවතිනු ඇත. උපාධිධාරීන් තලන පෙළන මේ ගැටළුව පිළිබද පාලකයන්ගේ අවධානය යොමුවිය යුතුය.
සටහන - Editor
Friday, Sep 03rd
Last update:03:00:19 PM GMT
Headlines:


