ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා මෙහි පැමිණ සිටින විදේශ නියෝජිතයින් ඊයේ සිට සිය කටයුතු ආරම්භ කල බව මැතිවරණ කාර්යාලය පවසයි. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා රටවල් 21 කට අයත් 55 දෙනෙකු මෙහි පැමිණ සිටින්නේ ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නියෝජනය කරමිනි.
මේ අතර විදේශ ඡන්ද දායකයන් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සදහා සිය අනන්‍යතාවය තහවුරු කිරීමට වලංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුයැයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම නිල ඡන්ද පත්‍රිකා නොලැබුනද ඡන්ද හිමි නාමලේඛණයෙහි නම ඇත්නම් එවැනි පුද්ගලයන්ට ඡන්දය භාවිතා කල හැකි අතර ඔවුන් මැතිවරණ කොමසාරිස් විසින් අනුමතකර ඇති අනන්‍යතා පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා පවසයි.


