Thursday, Mar 11th

Last update:04:09:35 PM GMT

Headlines:
You are here: දසත දසත විත්ති හයිටි දරුවන් අඳුරේ

හයිටි දරුවන් අඳුරේ

hity

භූමි කම්පා‍වකින් විනාශයට පත්වූ හයිටි රටේ දස දහස් ගණනක් අදත් ජීවත් වන්නේ දැඩි දුෂ්කරතා මැදය. සිය නිවෙස් විනාශ වී අනාථ තත්ත්වයට පත්වූවෝ තාවකාලික කූඩාරම්වලට වී සිටිති.

ආහාර, නිවාස, බෙහෙත් සහ වෙනත් අඩුපාඩු නිසා දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී සිටින මොවුන්ට නිසි වැසිකිළි පහසුකම් නැත. ඒ නිසා ලෙඩ රෝග පැතිර යන තත්ත්වයක් මතුවී ඇත. වැසියන් 2000 ක් එක වැසිකිළියක් පාවිච්චි කරන තත්ත්වයක් ඇති වී තිබේ.

ජලය, නිවාස, ආහාර සැපයීම බරපතල ගැටළුවක් වී ඇති අතර අනාථවූ දරුවන්ගේ අනාගතයද එවැනිම අවිනිශ්චිත එකක් වී ඇත. මේ අතර අනාථවූ දරුවන් විකිණීමේ ජාවාරමක්ද ආරම්භ වී ඇත. මෙසේ අනාථවූ දරුවන් හදාවඩා ගැනීමට ඇමෙරිකානුවන්ට දෙන්නට හයිටි දෙමවුපියන් ඉදිරිපත් වී සිටිති.

හයිටි අනාථ දරුවන්ගේ අනාගතය අඳුරු තත්ත්වයක පවතින අතර දියුණුවෙමින් පවතින රටවල දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ඩොලර් බිලියන 10 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. අවුරුදු 10 ක් තුලදී මේ මුදල වැය කරනු ඇත්තේ පාචනය සහ නියුමෝනියාව සුවකරන එන්නත් බිහි කිරීමටය. 2020 වන විට මෙම රෝගවලින් මියයන දියුණුවන රටවල දරුවන්ගේ ගණන විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. 2020 වන විට දුප්පත් රටවල දරුවන්ගෙන් 90% ක් යටකී රෝගවලින් බේරා ගැනීමට හැකිවනු පරිදි එම ‍ ඖෂධ එන්නත් කරනු ඇත.

2020 වන විට එන්නත් ඖෂධ ලබාදීමෙන් අවුරුදු පහෙන් පහල දරුවන් 96 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කළේය. 2014 වන විට මැලේරියාව සදහා එන්නතක් සොයාගන්නට හැකි වුවහොත් තවත් දරුවන් 11 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි ගේට්ස් මහතා කීය.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මෙසේ විශාල මුදලක් එන්නත් සදහා ලබා දී තිබේ. මෙම දශකය එන්නත් දශකයක් කළ යුතු යයි පැවසූ බිල් ගේට්ස් මහතා දැනටමත් එන්නත් මගින් දරුවන් මිළියන ගණන් ආරක්ෂා වෙන බවද කීය.