ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා මානවයාගේ පැවැත්ම පිළිබද මතු වී ඇති අවදානමෙන් බේරීම සදහා පිළිතුරු සොයන ඓතිහාසික ලෝක නායකයින්ගේ සම්මේලනය මේ මස (දෙසැම්බර්) 07 වෙනි දා ඩෙන්මාර්ක්හි අගනුවර වන කෝපන්හේගන් නගරයේදී ආරම්භ විය. මෙම සම්මේලනය සාර්ථක ප්‍රතිඵල ගෙනදෙනු ඇත්දැයි යන සැකය මේ වන විට පහවී ඇත. චීනය සහ ඉන්දියාව විශාල වශයෙන් කාබන් වායුව ගුවනට මුදාහරින රටවල් දෙකකි. මේ රටවල් දෙකම කාබන් නිකුත් කිරිම සීමා කිරිමේ යෝජනාවලට එකගවීම සහ ඇමෙරිකාව එවැනිම ස්ථාවරයකට පැමිණ තිබීම මෙම සැකය පහකිරිමට හේතු වී ඇත. මෙම සම්මේලනය දින 12 ක් පැවැත්වෙනු ඇත.
මෙම ඓතිහාසික සම්මේලනය සනිටුහන් කිරීම සදහා රටවල් 45 ක පුවත්පත් 56 ක් පොදු කතුවැකියක් පලකරන ලදී. එම කතුවැකියේ කොටස් කීපයක් සදහන් කිරීමෙන් මානවයා ඔහුගේ අනාගතය පිළිබද මුහුණපා ඇති අවදානම ගැන යම් අවබෝධයක් ලබාගන්නට පුළුවන.
“රටවල් 45 ක පුවත්පත් 56 ක් මෙතෙක් නොවූ විරූ අන්දමින් පොදු කතුවැකියක් නියා එක හඩක් නගන්නෙමු. අපි එසේ කරන්නේ මනවයා අද ඉතා දරුණු හදිසි අවස්ථාවකට මුහුණ පා සිටින නිසාය. නිර්මාණාත්මක තීන්දු ගැනීමට අපි සියලු දෙනා එකමුතු නොවුනහොත් කාලගුණික විපර්යාස අපේ ලෝකය විනාශ කරනු ඇත. ඒ සමගම අපේ අභිවෘද්ධිය සහ සුරක්ෂිත භාවය විනාශ වනු ඇත. පරම්පරාවකට වැඩි කාලයක් තිස්සේ මෙම අනතුරු පෙනෙමින් තිබිණ. දැන් සත්‍ය කරුණු විසින් ඒ බව පෙන්නුම් කරමින් පවතී. පසුගිය අවුරුදු 14 න් 11ක්ම උෂ්ණය අධිකවූ කාලපරිච්ඡේදය වේ. ආක්ටික්වෘතය දියවෙමින් පවතී. ඉදිරි අනාගතයේදී ඇතිවෙනු ඇති විනාශය පසුගිය අවුරුද්දේදී වැඩි තෙල් මිළ සහ ආහාර මිළ අධික වීමෙන් ඇතිවූ තත්ත්වයන්ගෙන් තහවුරු කරයි. මානවයා මේ තත්ත්වයට වගකිව යුතුද යන ප්‍රශ්නය විද්‍යා සගරාවලින් සාකච්ඡා කරන්නේ මේ විනාශය අවම කර ගැනීමට අපට ඇති සීමිත කාලය ගැනයි. එහෙත් අද වනවිටත් මේ තත්ත්වයට ලෝකයේ ප්‍රතිචාරය දුර්වලවූත් මන්දෝත්සාහි වූත් එකකි.”
Thursday, Mar 11th
Last update:01:56:56 PM GMT
Headlines:


