දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකඩ කිරීමේ යෝජනාවක් නිසා ඉන්දියාවේ දේශපාලනය කැලැඹෙන්නට පටන්ගෙන තිබේ.
මේ නිසා අන්ද්‍රා ප්‍රදේශ් ආණ්ඩුවද පත්ව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය තෙලගානා, ආන්ද්‍රා සහ රයලසීමා යන කලාප වලින් සෑදුන ප්‍රාන්තයකි. මෙම කලාපවලින් තෙලගානා කලාපය තනි ප්‍රාන්තයක් ලෙස බිහි කිරීම සදහා ක්‍රියාත්මක වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ඊට ඉඩ දීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණයක් නිසා ඉන්දියාවේ දේශපාලනය මෙසේ කැළඹී ඇත.
තෙලගානා කලාපය වෙනම ප්‍රාන්තයක් කරන ලෙස තෙලගානා රාෂ්ට්‍ර සමිති නැමති දේශපාලන සංවිධානයේ නායක කේ. චන්ද්‍රසේකර රාඕ ආරම්භ කළ උපවාසයට දින 11 ක් ගතවූ අවස්ථාවේදී එම කලාපය වෙනම පාලන ඒකකයක් බවට පත්කිරීම මූලික පියවර ගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති පී.චිදම්බරම් මහතා පසුගිය 9 දා ප්‍රකාශ කළේය. මධ්‍යම ආණ්ඩුවේ මෙම තීරණය නිසා ආන්ද්‍රා ප්‍රදේශ් දේශපාලනය උග්‍ර අර්බුදයකට පත්ව ඇත.
එහි රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 138 ක් ඉන් ඉවත් වීමේ ලිපි කථානායකවරයාට යවා ඇති අතර ඇමතිවරු 20 ක් ඇමති පදවි වලින් ඉවත්වීමට තීරණය කර ඇත. මේ ආරාවුල මෙසේ පවතින අතර අළුත් ප්‍රාන්ත සභා ඇති කරන ලෙස කරන ඉල්ලීම් හැම පැත්තකින්ම ඉදිරිපත් වෙන්නට පටන් ගෙන තිබේ.
සමහර ඉල්ලීම් බොහෝ කාලයක් සිට කරනු ලබන ඒවාය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය බෙදා තෙලගානා ප්‍රාන්තය යනුවෙන් ප්‍රාන්තයක් ඇති කිරීම ගැන මුළු රටේම විරෝධයක් පැන නැග තිබේ. ආන්ද්‍රා ප්‍රාන්තය බෙදීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය අනුමත හදිසි එකක් ලෙස එම ප්‍රාන්තයේ මන්ත්‍රීවරු හදුන්වා දී තිබේ.
මධ්‍යම ආණ්ඩුවේ තීරණය නිසා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සෑම දේශපාලන පක්ෂයක් තුලම භේද ඇතිවී තිබේ. මේ නිසා මන්ත්‍රී සභාවේ වැඩද ඇනහිට තිබේ. මන්ත්‍රීවරු 139 දෙනෙක් ඉල්ලා අස්වීමේ ලියවිලි කථානායකවරයාට භාර දී ඇත.


