11 වන ද. ආසියානු තරඟාවලිය හෙට බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. හෙට සිට පෙබරවාරි 9 දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත. මේ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත. ඒ ක්‍රීඩා ඉසව් 23 ක් වෙනුවෙනි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක චමින්ද විජේකෝන් මහතා මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.
බංග්ලාදේශයේ ස්ථාන 20 කදී මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත. බංග්ලාදේශයේදී මෙවර මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ 3 වන වතාවටයි.


