
ලොව ප්‍රමුඛතම දඟ පන්දු යවන්නෙකු වන මෙරට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එළඹෙන ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ ගාල්ලේදී පැවැත්වීමට නියමිත පළමු තරගයෙන් අනතුරුව ලබන 18 වනදා ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ක්‍රීඩා අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද දැනුවත් කර ඇත.
තමාටම ආවේණික අයුරින් පන්දු යවන මෙම සුපිරි ක්‍රීඩකයා ටෙස්ට් තරග 132 කදී කඩුළු 792ක් සහ එක්දින තරග 334කදී කඩුළු 512ක් ද බිඳ හෙළා ඇත.