Wednesday, Mar 10th

Last update:11:35:22 AM GMT

Headlines:
You are here: දසත

දසත

තූර්කියේ භූ කම්පනයක්

_1මීට සුළු මොහොතකට පෙර තූර්කියේ ඇතිවූ භූමි කම්පනයකින් 57 දෙනෙකු මරණයට පත්වූ බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි. දැනට වාර්තා වන තොරතුරු අනුව තූර්කියේ එලාසිග් ප්‍රාන්තයේ ගම්මාන 6 ක් මෙම භූ කම්පනයෙන් විනාශයට පත් වී ඇත.

“මුළු ගම්මානයම සම්පූර්ණයෙන්ම විනාශයි”

_2මෙහෙම පැවසුවේ ඔක්කියුලර් ගමේ පරිපාලන නිළධාරියෙක් වන හසන්න ඩෙට්රඩැග් විසිනුයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක අංක 5.5 ක් ලෙස සටහන්ව ඇත.

 

_3

උදුම්බරා මල් චීනයෙන් සොයා ගැනේ

Udumbaraඉතාමත් දුර්ලභ “බෞද්ධ මලක්” චීනයේ ගමක පිපී ඇති බවට එංගලන්තයේ පුවත්පතක් වන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පලකොට ඇත.

චීනයේ ජියංෂි ප්‍රාන්තයේ ලූෂාන් කදුකරයේ චීන මෙහෙනින්වහන්සේ නමකගේ නිවසේදී මෙම මල හමුවී තිබේ.

මෙම පුවත අනුව බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ සදහන් වන උදුම්බරා නමැති මෙම මල පිපෙන්නේ අවුරුදු 3000 කට වරක් පමණි. මෙම නම සංස්කෘති භාෂාවේ සදහන් වන එකක් බව සදහන් කරන මෙම පුවත් පත ඊට “බෞද්ධ මලක්” යයි සදහන් කර ඇත්තේ එම මලේ නම බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේද සදහන් වන නිසා වෙන්නට පුළුවන.

අවුරුදු 50 ක් වයසැති මියාඕ වෙයි මෙහනින් වහන්සේගේ නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් යට කුඩා සුදු මල් පොකුරක් දැක ඇත. පණුබිත්තර වෙන්නට ඇතැයි මුලදී සිතූ නමුත් පසුවදා ඉතාමත් සුවද සුදු මල් පොකුරක් ඇගේ නෙත්වලට යොමු විය.

මෙම මල් දිව්‍ය ලෝකයෙන් ලැබුන සුභ මලක් ලෙස මෙහෙනින් වහන්සේගේ ගමේ පන්සල්වල මතයක් පවතී.

ශීත සෘතු ඔලිම්පික් අවසන්

vancouver-olympics-2010ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ඊයේ නිමාවට පත්විය. එහි පළමුස්ථානයට පත්වීමට කැනඩාව සමත් විය. ඒ රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ලබා ගනිමිනි. දෙවන ස්ථානය ජර්මනියටද, තෙවන ස්ථානය ඇමරිකාවටද හිමිවිය. රටවල් 187 ක සහභාගිත්වයෙන් දින 17 ක් පුරා මෙම තරගාවලිය පැවැත්වුණි. ආරම්භක දිනයේදීම සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙන් මරණයට පත් වුවද තරගාවලිය සාර්ථකව අවසන් වූ බව සංවිධායක මණ්ඩලය පවසයි.

තවත් ලෝක වාර්තාවක්

ඔරුවක නැගී ඇමර්සන් ගංගාව තරණය කොට ලෝක වාර්තාවක් තැබීමට ඇමරිකානු ජාතික කාන්තාවක් සමත් වී සිටියි. ඇය හෙලන් සාපෙල්ටන් වෙයි. ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ පිග්මිවරුන් භාවිතා කල ඔරුවක් බව වාර්තා වෙයි. කෙසේ වුවත් ඉතා අවදානම් තරගයක නිරත වූ ඇයි තම කාර්ය අවසන් කරන මොහොතේදී දහස් ගණන් පිරිසක් එක්ව ඇයට සුබ පැතූ බවද ආරංචි මාර්ග පවසයි.

සුකී තවදුරටත් නිවාස අඩස්සියේ

sansuukyiමහත් ආන්දෝලනයට ලක්ව ඇති මියන්මාරයේ හිටපු නායිකාවක වන අවුත්සාං සුකී නිදහස් කිරීම පිළිබද පෙත්සම එරට අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇය වසර 15 ක සිට එරට හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවන්නේ ඇමරිකාව ඇතුළු ප්‍රබල රටවල් කිහිපයකම විරෝධතාවය නොතකමිනි.

මියන්මාරයේ මහා මැතිවරණය ඉදිරියේ පැවැත්වීමට නියමිතව ඇත.

11 වන ද. ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන

රට                         රන්             රීදී             ලෝකඩ      එකතුව

ඉන්දියාව                90              55              29                 174

පකිස්තානය            19              25              36                   80

බංග්ලාදේශය          18              23              56                  97

ශ්‍රී ලංකාව                16              35              54                   105

නේපාලය                8               9               19                      36

ඇෆ්ගනිස්ථානය       7               9               16                    32

භූතානය                   -                2               3                       5

මාලදිවයින             -                 -               2                        2

 

සාක් ක්‍රීඩා උළෙල

SAARC_1බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන සාක් ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් (Hand Ball) තරගාවලිය අද ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික හෑන්ඩ් බෝල් තරගයකදී පළමු ගෝලය වාර්තා කිරීමට නාලක සමන් කුමාරට හැකිවිය. අවසන් තරගය සදහා ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුන අතර ගෝල 58 : 10 ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය.

මේ වන විට සාක් පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර රන් පදක්කම් 2, රිදී පදක්කම් 2 ක් හා එක් ලෝකඩ පදක්කමක් ලබා ඇත.

මේ වන විට කාන්තා සහ පිරිමි බැඩ්මිටන් අවසාන තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව අද පස්වරුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැඩ්මින්ටන් අවසන් තරග පැවැත්වීමට නියමිතය.

හයිටි දරුවන් අඳුරේ

hityභූමි කම්පා‍වකින් විනාශයට පත්වූ හයිටි රටේ දස දහස් ගණනක් අදත් ජීවත් වන්නේ දැඩි දුෂ්කරතා මැදය. සිය නිවෙස් විනාශ වී අනාථ තත්ත්වයට පත්වූවෝ තාවකාලික කූඩාරම්වලට වී සිටිති.

ආහාර, නිවාස, බෙහෙත් සහ වෙනත් අඩුපාඩු නිසා දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී සිටින මොවුන්ට නිසි වැසිකිළි පහසුකම් නැත. ඒ නිසා ලෙඩ රෝග පැතිර යන තත්ත්වයක් මතුවී ඇත. වැසියන් 2000 ක් එක වැසිකිළියක් පාවිච්චි කරන තත්ත්වයක් ඇති වී තිබේ.

ජලය, නිවාස, ආහාර සැපයීම බරපතල ගැටළුවක් වී ඇති අතර අනාථවූ දරුවන්ගේ අනාගතයද එවැනිම අවිනිශ්චිත එකක් වී ඇත. මේ අතර අනාථවූ දරුවන් විකිණීමේ ජාවාරමක්ද ආරම්භ වී ඇත. මෙසේ අනාථවූ දරුවන් හදාවඩා ගැනීමට ඇමෙරිකානුවන්ට දෙන්නට හයිටි දෙමවුපියන් ඉදිරිපත් වී සිටිති.

හයිටි අනාථ දරුවන්ගේ අනාගතය අඳුරු තත්ත්වයක පවතින අතර දියුණුවෙමින් පවතින රටවල දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ඩොලර් බිලියන 10 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. අවුරුදු 10 ක් තුලදී මේ මුදල වැය කරනු ඇත්තේ පාචනය සහ නියුමෝනියාව සුවකරන එන්නත් බිහි කිරීමටය. 2020 වන විට මෙම රෝගවලින් මියයන දියුණුවන රටවල දරුවන්ගේ ගණන විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. 2020 වන විට දුප්පත් රටවල දරුවන්ගෙන් 90% ක් යටකී රෝගවලින් බේරා ගැනීමට හැකිවනු පරිදි එම ‍ ඖෂධ එන්නත් කරනු ඇත.

2020 වන විට එන්නත් ඖෂධ ලබාදීමෙන් අවුරුදු පහෙන් පහල දරුවන් 96 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කළේය. 2014 වන විට මැලේරියාව සදහා එන්නතක් සොයාගන්නට හැකි වුවහොත් තවත් දරුවන් 11 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි ගේට්ස් මහතා කීය.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මෙසේ විශාල මුදලක් එන්නත් සදහා ලබා දී තිබේ. මෙම දශකය එන්නත් දශකයක් කළ යුතු යයි පැවසූ බිල් ගේට්ස් මහතා දැනටමත් එන්නත් මගින් දරුවන් මිළියන ගණන් ආරක්ෂා වෙන බවද කීය.

ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් හිමිකර ගනී.

බර ඉසිලීමේ තරග නියෝජනය කළ කමල් බණ්ඩාර සහ චින්තක විදානගේ විසින් මෙම පදක්කම් දිනාගන්නා ලදී. කිලෝ ග්රෑම් 56 බර පන්තිය යටතේ තරග වැදුණු කමල් බණ්ඩාර කිලෝ ග්රෑම් 230ක බරක් ඔසවමින් එහි රන් පදක්කම දිනාගත්තේය.

එසේම කිලෝ ග්රෑම් 69 බර පන්තිය යටතේ තරග කළ චින්තක විදානගේ විසින් මෙම බර පන්තියේ රන් පදක්කම දිනාගත්තේය. ඔහු මෙහිදී කිලෝ ග්රෑම් 297ක බර ප්‍රමාණයක් ඔසවනු ලැබීය.

පිටුව 1 / 2