මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතානන් පිළිබද ඔබ අප බොහෝ දෙනෙකු හදුනන්නේ ඔහු මෙරට තවත් එක් මහාචාර්යවරයෙකු නොවූ නිසාවෙනි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ජීවිතයේ එක වරක් හෝ ඔබ පරිහරණය කරන්නට ඇත. පරම්පරා ගණනක් පවතින ඒ මහා ශබ්ද කෝෂය රචනා වූයේ මාහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ සුරතිනි. එතුමානන්ගේ 110 වැනි ජන්ම දිනය අදට යෙදී ඇත.
1899 නොවැම්බර් 09 වන දින ජෝර්ජ් පීරිස් මලලසේකර දරුවා උපන්නේය. ඒ පානදුරේ මාලමුල්ල ප්‍රදේශයේදීය. පසුකලක අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි සිංහල නම් භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය යටතේ ඔහු ගුණපාල පියසේන මලලසේකර නමින් හැදින්විය.
ඔහු සිය පාසැල් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ වර්තමානයේ සිරිල් ජෑන්ස් විදුහල නමින් හැදින්වෙන පානදුරේ ශාන්ත ජෝන් විදුහලෙනි. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. එහෙත් තම පියාගේ අභාවය නිසා වෛද්‍ය අධ්‍යාපනය අතරමග නතර කර දමන්නට ඔහුට සිදුවිය. නමුත් කිසි විටෙක තම උත්සාහ අත් නොහල ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී.ඒ. උපාධිය සදහා අධ්‍යාපන කටයුතු සිදුකලේය. 1919 වසරේදී ඔහු ඉන් සමත් වුයේ පළමු පෙළ සාමාර්ථයක්ද සමගිනි. ඔහු ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන් සිය උපාධිය සදහා තෝරාගෙන තිබුණි.
තමා ලත් දැනුමෙන් මේ මහා ව්ද්වතානන් රටටත් ජාතියටත් සිදු කල මෙහෙය සුළුපටු නොවේ. එතුමා පිළිබද පාඨක ඔබ දන්නේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය නිර්මාණය කිරිම පමණක්ම විය හැකිය. එහෙයින් එතුමා ගැන දැනගැනීම සදහාම එතුමා සිදුකල සුවිසල් මෙහෙය පිළිබද තතු බිදක් මෙසේ සටහන් කරන්නෙමි.
1942 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් ආරම්භ විය. එහි සිංහල, පාලි, සංස්කෘත සහ බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන් පිළිබද මහාචාර්ය ධූරයට පත්වූයේ මලලසේකර මහතාය. එවකට එතුමා එම විෂයන් ඉංග්‍රීසියෙන් ඉගැන්වීය. ඒ නිසාම බෞද්ධ විශ්ව කෝෂයෙහි ප්‍රධාන කර්තෘ තනතුරෙන්ද එතුමා පිදුම් ලැබීය.
1950 වෙසක් මස පුර පසලොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස රටවල් 27 ක නියෝජිතයෙන් 129 දෙනෙකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගී කොටගෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කළේය. ලෝකයේ වසන බෞද්ධයින් සමගිසම්පන්න කිරීම, ථේරවාදී, මහායාන, වජිරයාන ආදී කොටස්වලින් සැදුම් ලද බුදුදහම ඒකරාශී කිරිම මෙහි අරමුණය. බුද්ධ ධර්මය පිළිබද එතුමා තුල තිබූ පුළුල් දැනුම මේ ආශ්චර්යවත් ක්‍රියාව සිදුකිරීමට මහා පිටිවහලක් විය. 1950 සිට 1958 දක්වා එතුමා එහි සභාපති ධූරය හෙබවීය.
මලලසේකර මහතා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙකි. එතුමා විසින් සංස්කරණය කරන ලද මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය, පාලි සර්වනාම පිළිබද ශබ්දකෝෂය ජනප්‍රිය ශබ්දකෝෂ දෙකක් වෙයි. මෙම ශබ්දකෝෂ විදේශ විශ්ව විද්‍යාල වල පුස්තකාල වල පවා පරිහරණය වෙයි.
එතුමාගේ තවත් වැදගත් කටයුත්තක් වන්නේ Extended Maha Vama (Pali Language) යන ග්‍රන්ථයන් වෙළුම් දෙකකින් යුකත් වූ මහාවංශ ටීකා හෙවත් වංසත්තප්පකාසිනිය පාලි ග්‍රන්ථයෙන් සංස්කරණය කිරිමයි. 1958 වර්ෂයේදී එතුමා ඉන්දියාවේ තානාපති වශයෙන් පත්විය. පසුව කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ආදී රටවල ලංකා තානාපති වශයෙන්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන්ද එතුමා කටයුතු කලේය.
සෑම රැයකම නින්දයාමට පෙර වෙනත් භාෂාවකින් සොයාගත් වචන 10 ක් සිත්හි ධාරණය කිරීම එතුමාගේ දින චරියාවේ කොටසක් විය.
1973 අප්‍රේල් 23 වනදා එතුමා අභාවප්‍රාප්ත විය. මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකුට කලහැකි උපරිම සේවාව කොට එතුමා නික්ම ගියේ අනාගත පරපුරට මහගු ආදර්ශයක් සපයමිනි.
Friday, Sep 03rd
Last update:03:00:19 PM GMT
Headlines:


