වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට
කිරි එරුණලු සදමහ මුත්තණු ළයට
දෙදරුන් බරට රන් දුන්නලු ජූජකට
නුඹේ බරට රත්‍රන් මුළු රටෙත් නැත
මා හිස ගියද නුඹෙ හිත බෑ දන් දෙන්ට
තෙමා වැටුණි කිදුරග නෙත් සදගිරියේ
දමා කුමරි වැඩියෙද නිසි අත් බවයේ
අදරින් පැතූ ඒ බුදු බැව් මහද බැබලියේ
එද හෙවණැල්ල මට දන් දිය හැකිද පියේ?
ඊ.එම්.බී. උපාලිගේ “කර්තෘ අඥාතයි” පද්‍යා සංග්‍රහයෙන් උපුටා ගැනුණකි.
Friday, Mar 12th
Last update:02:51:57 PM GMT
Headlines:


