ලියතඹරා නුඹ හිදින්න හැමදාමත් සැගවීලා
බවුන් වඩන තවුසන්නේ නෙතට හසුවෙලා
නුඹට වේවි දුක්විදින්න කදුළු වගුරලා.
තවුසන්ගේ සිල්බින්දේ නුඹයි කියා කියාවී
නිවුනු සිතට ගිනි තිබ්බේ නුඹම කියා කියාවී
බවුන් බිදී නුඹේ ගතට වශී වුණා කියාවී
නුඹේ සුමුදු මුකුලිත ගත ඔවුන් අතින් තැලේවි
නුඹේ සිතට තවුසන්ගේ සෙනෙහෙ බිදක් වැටේවී
නිවුණු සෙනේ නුඹේ හදට මහ ගින්නක් තියාවී
නුඹේ වතත් ගතත් පෙළා තවුසන් සිල් ගනීවී
ලියතඹරා සිල් බින්දැයි උන් තැන තැන කියාවී.
Thursday, Mar 11th
Last update:04:09:35 PM GMT
Headlines:


