Wednesday, Mar 10th

Last update:11:35:22 AM GMT

Headlines:
You are here: විශේෂාංග ඔබේ වේදිකාව

ඔබේ වේදිකාව

පිය බිරිඳ සිනාසෙය..........

කාණු පල්ලේ වැටී

දුගඳ පිරි ගොහොරුවේ

තුටු සිතින් දියබුං ගසන

පණු රැලක් මෙන්

 

බැට කකා ගොන් වලිගයෙන්

උගෙ හමට පෙම් බඳින

මියෙන තුරු ලග හිඳින

ඇට මැස්සන් ලෙසින්

 

ගිලිහෙනා කුණු වචන

හමන පල් කාණු ගඳ

තැලෙන කම්මුල් දෙපස

නිනව්වක් නැත ඇයට

 

ඉදුනු පහු හුනුසහල් බත

 

නිරෝෂනී පීරිස් ගේ නුවර සද තරුණිය කෘතියෙන් උපුටා ගැනුණි.

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4

කාණු පල්ලේ වැටී

දුගඳ පිරි ගොහොරුවේ

තුටු සිතින් දියබුං ගසන

පණු රැලක් මෙන්

බැට කකා ගොන් වලිගයෙන්

උගෙ හමට පෙම් බඳින

මියෙන තුරු ලග හිඳින

ඇට මැස්සන් ලෙසින්

ගිලිහෙනා කුණු වචන

හමන පල් කාණු ගඳ

තැලෙන කම්මුල් දෙපස

නිනව්වක් නැත ඇයට

ඉදුනු පහු හුනුසහල් බත

සුනඛ උත්තමාචාරය

dogජීවිතය අතර මැද

නැවතී ඇතැයි ඉව දැන

උඩු බුරන මුරකරුව ඔබ

සතර පා ඇතිව

ඉපිද කා ඉඳුල් ටික

ණය ගෙවා දිවි පුදා

මා රකින සුනඛ රජ ඔබ

 

දැනෙයි මා හට සෙනෙහස

ඔබේ ලෙන්ගතු ඇසුර ගැන

නොකර වර්ජන නොගෙන වැටුපක්

විසි හතර පැය මුර දේවතා ඉව අල්ලන

මා නිසා උපන්

සුනඛ රජ ඔබ

 

ඔබ දනී මා සිත

විඩා විඳ ඇති බව

බුරා උඩු නුඹත් දුක ගෙන

මගේ තනියට ලඟින් දැවටෙන

මගේ මුර දෙවි

සුනඛ රජ ඔබ

 

නිරෝෂිනී පීරිස් ගේ නුවර සඳ තරුණයි කෘතියෙන් උපුටා ගැණුනි.

ආදරය එහෙම දෙයක්

ඉතිං මම සමු ගන්නෙමී

යන තැනක් ගැන නොදනිමී

ඔබෙන් ඈතක නොදුටු ලෝකෙක

තනිකමත් එක සැපතකී

ජීවිතේ මඟ අඳුරකී

එළිය ඔය හිත නොරැදුනී

සඳ කඩාගෙන වැටුණු රැය සේ

ඔබ නොසන්සුන් අහසකී

ආදරේ මහ අරුතකී

ඔබට එය තව වචනෙකී

ඒ වුණත් යළි ගන්න බැරි දේ

දීම දානය මිහිරකී

ලක්ෂ්මන් පියසේන

ඔබයි මමයි

මම සඳක් වෙලා අහස පුරා
එළිය වියනවා
නුඹ අරුන්දතී තරුව වෙලා
පාර කියනවා
ගන වනන්තරේ මැදින් ගලන
දොළක හඬ දිගේ
නුඹ ඇවිත් මගේ හිතම තෙමන
කෙඳිරියක් වගේ
ඔය සිනා නිවන සුපෙම් ලොවක
මිහිර රැගෙන එයි
කඳු මුඳුන් මතට තවත් උසට
ඉතිං ඉගිළ යයි
කොඳ මලින් මලට සුවඳ හමන
සැඳෑ සුළග සේ
දඟ කරයි ලඟම කියන්න බැරි
නැළවිලිත් දැනේ
අඩ නුවන් ඔහොම කියන රහස
නොහැඟුණා නො වේ
තව බලන් ඉන්න බැරි ම තැනක
දෙතොල් පෙති තැළේ
තුන් ලොව ම නිඳන රෑ යාමය
ඔන්න ඇහැරිලා
සිල් නොගත් සඳට අරුන්දතී
තරුව පායලා
ලක්ෂ්මන් පියසේන

ලියතඹරාගේ සිල් බින්දා

ලියතඹරා නුඹ හිදින්න හැමදාමත්     සැගවීලා

බවුන් වඩන තවුසන්නේ නෙතට        හසුවෙලා

නුඹට වේවි දුක්විදින්න කදුළු           වගුරලා.



තවුසන්ගේ සිල්බින්දේ නුඹයි කියා        කියාවී

නිවුනු සිතට ගිනි තිබ්බේ නුඹම කියා     කියාවී

බවුන් බිදී නුඹේ ගතට වශී වුණා         කියාවී

නුඹේ සුමුදු මුකුලිත ගත ඔවුන් අතින්     තැලේවි



නුඹේ සිතට තවුසන්ගේ සෙනෙහෙ බිදක්   වැටේවී

නිවුණු සෙනේ නුඹේ හදට මහ ගින්නක්    තියාවී

නුඹේ වතත් ගතත් පෙළා තවුසන් සිල්     ගනීවී

ලියතඹරා සිල් බින්දැයි උන් තැන තැන    කියාවී.

හෙවනැල්ල

වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට

ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට

රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට

ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට

කිරි එරුණලු සදමහ මුත්තණු ළයට

දෙදරුන් බරට රන් දුන්නලු ජූජකට

නුඹේ බරට රත්‍රන් මුළු රටෙත් නැත

මා හිස ගියද නුඹෙ හිත බෑ දන් දෙන්ට



තෙමා වැටුණි කිදුරග නෙත් සදගිරියේ

දමා කුමරි වැඩියෙද නිසි අත් බවයේ

අදරින් පැතූ ඒ බුදු බැව් මහද බැබලියේ

එද හෙවණැල්ල මට දන් දිය හැකිද පියේ?



ඊ.එම්.බී. උපාලිගේ “කර්තෘ අඥාතයි” පද්‍යා සංග්‍රහයෙන් උපුටා ගැනුණකි.