ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සිය දියණියන් දෙදෙනා සමග පමණක් දුරකථනයෙන් කථා කිරීම සදහා අද හමුදාපතිවරයා විසින් අවසරය ලබා දී ඇත.
සිය දියණියන් දෙදෙනා සමග දුරකථනයෙන් කථා කිරීම අත්හිටුවීමෙන් පසු දැනට හමුදාභාරයේ රදවා සිටින සරත් ෆොන්සේකා මහතා ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරත වූ බව ෆොන්සේකා මහත්මිය විසින් ඊයේ මාධ්‍ය වෙත දන්වා සිටියේය. දියණියන් සමග කථා කිරීමට ඉඩ දෙන තුරු තමන් ආහාර නොගන්නා බව ෆොන්සේකා මහතා දන්වා සිටි බව ඒ මහත්මිය වැඩිදුරටත් දන්වා සිටියාය.


