Friday, Oct 24th

Last update:10:20:17 AM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් රජයේ විභාග කිහිපයක ප්‍රතිඵල නිකුත් කෙරේ

රජයේ විභාග කිහිපයක ප්‍රතිඵල නිකුත් කෙරේ

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා කාර්මික නිලධාරී (සිවිල්/යාන්ත්‍රීක) 2005-2009 (2010) මැනීම් හා මට්ටම් ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය - දෙවන විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අයත්වන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ආයතන 18ක ප්‍රධානීන් වෙත ප්‍රතිඵල ලබාදී තිබේ.

එසේම ශ්‍රී ලංකා විගණන සේවයේ 11 පන්තියේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2011 ඔක්තෝම්බර් (2012) විභාගයේ ද මේ වන විට ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත ප්‍රතිඵල ලබා දි ඇත.

මීට අමතරව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන නිලධාරී 11 ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2012 විභාගයේ ද ප්‍රතිඵල නිකුත් කර තිබේ. ලේකම්, රාජ්‍ය සේවා කොමිසන් සභාව, අංක 177, නාවල පාර , නාරාහේන්පිට, කොළඹ 05 ස්ථානයෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්