Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් සා/පෙළ ඇගයීම් කල පාසැල් යලි විවෘත වේ

සා/පෙළ ඇගයීම් කල පාසැල් යලි විවෘත වේ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යෙ‍ාදාගත් පාසල් අද (08) දින සිට විවෘත වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙවන අදියර විභාග අධ්‍යන කටයුතු මේ වන විට අවසන්ව පැවතිම නිසා පාසල් විවෘත කරන බව මෙන්ම මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පමණක් මේ වන විට නිරීක්ෂණ කටයුතු පවතින බැවින් එම පාසල පමණක් විවෘත නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය මේ මස 10 දින විවෘත කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.