Thursday, Mar 11th

Last update:01:56:56 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් දැයට කිරුළ තව දින 2 කින් දීර්ඝ කෙරේ

දැයට කිරුළ තව දින 2 කින් දීර්ඝ කෙරේ

Deyatakirula_1

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය ගතවූ දින 4 තුලදී ලක්ෂ 7 කට ආසන්න පිරිසක් නරඹා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.

මේ මස 10 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන ප්‍රදර්ශනය තවත් දින කිහිපයක් දීර්ඝ කරන ලෙසට ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව රාජ්‍ය ආදායම් හා නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

‍ෙම් අනුව මෙම ප්‍රදර්ශනය පෙබරවාරි 12 දක්වා දීර්ඝ කර ඇත. මෙය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගමනාගමන පහසුව සදහා වි‍ෙශ්ෂ දුම්රිය හා බස් සේවා යොදා ඇත.