Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් ‘දැයට කිරුළ’ සංවර්ධන ප්‍රදර්ශනය ඇරඹේ

‘දැයට කිරුළ’ සංවර්ධන ප්‍රදර්ශනය ඇරඹේ

Deyatakirula_1
‘දැයට කිරුළ’ සංවර්ධන ප්‍රදර්ශනය අද (04) පස්වරුවේ මහනුවර පල්ලේකැලේදී ආරම්භ වේ.

‘පැළඳ එක කිරුළක් - නැවුම් හෙට දවසක්’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය කොළඹින් බැහැරව පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන භූමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථාන පරිශ්‍රය, මධ්‍යම පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය හා පල්ලේකැලේ සිරකඳවුරු පරිශ්‍රය තෝරාගෙන ඇත.

පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙය මහජනතාව සඳහා විවෘත කර තැබීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය සඳහා සියලුම අමාත්‍යාංශ හා ඊට අනුබද්ධ ආයතන සහභාගි වේ. මීට අමතරව පෞද්ගලික අංශයේ ආයතන ද එක්වන අතර පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට නොමිලේ මෙම ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව හිමි වේ.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා 7000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාගෙන තිබේ.