සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම බදාදා දිනකම සිය කාර්යාල වල රැඳී සිටියමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. බදාදා දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තම කාර්යාල වල රැඳී සිටී. මෙම වැඩපිළිවෙල ආරම්භකර ඇත්තේ පොලිසිය හා මහජනතාව අතර පවත්නා සමීපතාවය වැඩිකිරීම සහ මහජනතාවගේ ගැටලු සදහා ඉක්මන් පිළියම් ලබා දීමට බව වාර්තා වේ.
සන්නස පුවත්
පොලිස්පතිවරුන් සෑම බදාදා දිනකම සිය කාර්යාල වල රැඳී සිටිය යුතුයි
වව්නියාවේ ව්‍යාපාරිකයන් විරෝධතාවයක
වව්නියාව නගරයේ ව්‍යාපාරිකයන් නගරයේ සියලු කඩ සාප්පු වසා දමා විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ. මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ වව්නියාව නගරයේ ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් මුල්කරගෙනයි. තවද තම ව්‍යාපාරිකයන්හට නිදහසේ වෙළෙඳාමක් කරගෙන යාමට නොහැකි තරමට වව්නියාවේ කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.
සිරිකොත ඉදිරිපිටදී ගිනිතබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට
සිරිකොත ඉදිරිපිටදී ගිනි තබා ගත් පුද්ගලයා අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය (සිරිකොත) ඉදිරිපිටදී මොහු සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අතර කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි
හෙට දියත් කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත. එයට හේතු වී ඇත්තේ පෞද්ගලික බස් හිමියන්ගේ සියළු ගැටළු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ අවම බස් ගාස්තුව වන රුපියල් 6 ක මුදල රුපියල් 7 දක්වා සංශෝධනය නොකරන බවයි.
ශ්‍රී ලංකාවට වියට්නාම් තානාපති කාර්යාලයක්
අග්නිදිග ආසියානු රටවල නියෝජිතයන්ගේ සැසිවරය මේ දිනවල වියට්නාමයේ හැනොයි නගරයේදී පැවැත් වෙන අතර ඊට සමගාමීව දෙරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරු හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණියහ.
විදේශ නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිසක් මේ දිනවල වියට්නාමයේ නිල සංචාරයක නිරත වන අතර එහිදී වියට්නාමය ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ලබාදෙන සහාය පිළිබඳ ඇගයීමට ද ලක්විය.
අග්නිදිග ආසියානු රටවල තවදුරටත් ක්‍රියාත්මක වන එල්ටීටීඊ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා වියට්නාම් බුද්ධි සේවාවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් විය.
රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර
රුහුණු කතරගම ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසාන පෙරහැර අද(25) පැවැත්වීමට නියමිතය.සධාතුක කරඬුව රන්සිවි ගෙයි තැම්පත් කෙරෙන අතර, අනතුරුව ඇසළ පෙරහැර වෙහෙර වීදියේ ගමන් කර දේවාල මලුව,පිටවීදිය ,සතරමහා දේවාලය ,භද්‍රකාලී අම්මා දේවාලය හා මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.ඉන් අනතුරුව චාරිත්‍ර පුද සිරිත් ඉටුකොට පෙරහැර මහ වීදියෙන් ගමන් කර මහ දේවාලයට ගෙවදීමට නියමිතය.
ඇසළ පුර පසළොස්වක පොහොය
සමස්ථ බෞද්ධ ජනතාවට වැදගත් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (25)යෙදී ඇත.බෝසතාණෝ මවුකුසේ පිළිසිද ගැනීම,සතර පෙරණිමිති දැකීම,අභිනිෂ්ක්‍රමණය කිරීම,ප්‍රථම ධර්ම දේශනය,බදු රජාණන්වහන්සේගේ ප්‍රථම වස් වැසීම,යමා මහ පෙළහර පෑම,ආදී වැදගත් සිදුවීම් රැසක් ඇසළ පොහොය දිනයේ සිදු වී තිබේ.
අද සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකාවෝ සහ ජනතාව ඇසළ පොහෝ දින සමරමින් ආමිෂ හා ප්‍රතිපත්ති පුජාවන් පවත්වති.
ඉන්ධන ජාවාරමක සුලමුල හෙලිවේ
ඉබ්බන්කොටුව ප්‍රදේශයේ කලක සිට සිදුකරගෙන යනු ලැබූ ඉන්ධන ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිසිය සමත් වී ඇත. ත්‍රිකුණාමලයේ ප්‍රධාන ඉන්ධන ගබඩාවල සිට පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් ඉබ්බන්කොටුව ප්‍රදේශයේ අතරමග නවතා ඒවායේ මුද්‍රා තැබීම් ඉවත් කොට ඉන්ධන ලබාගැනීම සිදුකොට ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉන්ධන බවුසරයක රියදුරෙකු, රියසහායකයා සහ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුහුණු සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි
රුහුණු සරසවියේ ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ කඩිනම් පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ.
තවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනුයේ මෙහි ඇති වූ සමස්ථ සිද්ධිය පිළිබඳවද කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට , විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිසමට සහ රුහුණු සරසවි බලධාරීන්ට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි.
JPAGE_CURRENT_OF_TOTAL


