Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වේ

Imageපාර්ලිමේන්තුව අද (03) රැස්වේ. එහිදී හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද (03) පස්වරු 2.00 සිට රාත්‍රි 7.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ. එළඹෙන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නොමැති 65,000 ක්

කොළඹ දිස්ත්‍රික්කය තුල කරන ලද සමීක්ෂණ වලට අනුව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජන සංඛ්‍යාව 65, 000 ක් වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර මහතා පවසයි. 2012 වන විට මෙය ලක්ෂ 12 පමණ දක්වා ඉහළ යනු ඇති බවද තමන් විශ්වාස කරන බවත් මේ සදහා ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදෙන ලක්ෂයක නිවාස ණය මුදල 11% පොලියක් යටතේ ලක්ෂ 2 දක්වා වැඩිකිරීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කළේය.

හම්බන්තොට වරායට ජලය පිරවීම 15 දා

Imageහම්බන්තොට වරාය පළමු අදියර මේ වන විට නිම කොට ඇති බවත්, අගෝස්තු (15) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්  වරාය භූමියට ජලය පිරවීමට නියමිතව ඇති බව වරාය අධිකාරි සභාපති ප්‍රියනත් බන්දුවික්‍රම මහතා ප්‍රකාශ කරයි.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) දින හම්බන්තොට වරාය පතුලේ පැවති ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

හම්බන්තොට වරායේ සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර 4 න් සමන්විත  වේ. ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 650ක ආ‍යෝජනයකින් නිම කොට ඇති පළමු අදියරේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට අවසන්ව ඇති අතර මෙම වසරේ නොවැම්බර් වන විට ප්‍රථම නැව සේන්දු කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ.

හම්බන්තොට වරායේ සම්පූර්ණ විශාලත්වය හෙක්ටයාර 2000 ක් වන අතර, මීටර් 12 ක විශාලත්වයෙන් යුත් ජැටියක් මෙම පළමු අදියර යටතේ නිමකර ඇත. මෙය විශාල නැව් 2 ක් එකවර නැවැත්වීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයෙන් යුතුවේ.

ප්‍රවීන කලාකරු ආර්.ආර්. සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Imageප්‍රවීන නාට්‍යවේදියකු වන ආර්.ආර්. සමරකෝන් මහතා  අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

‘ලෙඩක් නැති ලෙඩෙක්’ නම් වූ වේදිකා නාට්‍යයෙන් නාට්‍යකරණයට පිවිසි ඒ මහතා කැලණි පාලම, කකුල් හතරේ ඉලංදාරියා, අහසින් වැටුණු මිනිස්සු, ජේලර් උන්නැහේ, දූවිලි වැනි වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය කරමින් රසික ප්‍රසාදය දිනාගත්තේය.

ගත්කතුවරයෙකු ද වූ ඒ මහතා ප්‍රවීන රංගන ශිල්පිනියක හා ගුවන් විදුලි නිවේදිකාවක වන රම්‍යා වනිගසේකර මහත්මියගේ ස්වාමිපුරුෂයා වේ.

මේ වන විට ඒ මහතාගේ දේහය වාද්දූව, උතුරු තල්පිටියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත

ඩෙංගු රෝග මර්දන ප්‍රථම ජාතික දිනය

Imageඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රථම ජාතික දිනය අදට (02) යෙදී ඇත. මේ අනුව දිවයින පුරා මදුරු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම මෙම මස 09, 21 හා 28 යන දිනයන් ද ඩෙංගු මර්දන ජාතික දින ලෙස නම් කර ඇත.

මීට අමතරව අගෝස්තු මස 16 වනදා සිට 21 වනදා දක්වා ඩෙංගු මර්දන සතියක් ද රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය සඳහා ජාතික මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය බලධාරීන්ට ද උපදෙස් දී තිබේ.

තවද ඩෙංගු රෝගය මර්දනය සඳහා සියලුම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබා‍ගැනෙන අතර මේ සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළට අවශ්‍ය රජයේ අනුග්‍රහය ලබාදීමට ද පියවර ගෙන ඇත.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 23,145 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 171 දෙනෙකු මියගොස් තිබේ.

මාරාන්තික උපවාසයකට වුවත් අපි සූදානම්

රුහුණු සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට වහා දඬුවම් ලබාදෙන ලෙසට බල කරමින් මාරාන්තික උපවාසයකට වුවත් යාමට තමන් සුදානම් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වැඩිදුරටත් ඔවුන් පවසනුයේ එම මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳ ඔවුන් කිසිසේත් සෑහීමටකට පත් නොවන බවයි.

නීති විරෝධි විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වටලයි

නීති විරෝධි විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වැටලීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. විදේශ නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ. මේ අනුව නුවරඑළිය, හාලිඇල, බදුල්ල වැලිමඩ, මහව, අඹන්පොල - උතුර ප්‍රදේශයේ සහ කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනිම විදේශ රැකියා ආයතන දෙකක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළෙඳුන්ගෙන් රුපියල් 26,85,500 ක දඩ මුදලක්

මෙම වසරේ ජූලි මස 01 දින සිට ජූලි මස 26 වන දින දක්වා පාරිභෝගික අධිකාරිය විසින් සිදුකරන ලද වැටලීම්වලින් රුපියල් 26,85,500 ක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. මෙම වැටලීම්වලදී පාරිභෝගික පනත උල්ලංඝණය කළ අවස්ථා 1000ක් හඳුනාගැනීමට පාරි‍භෝගික අධිකාරිය සමත්ව ඇත. ඉදිරියේදී මෙම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද වැටලීම් සිදුකරන ලෙසත්, අනෙකුත් ප්‍රදේශවල වැටලීම් සංඛ්‍යාව වැඩි කරන ලෙසත් විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත.

පසුගිය ජූනි මාසයේ 01 දා සිට ජූලි 01 වනදා දක්වා සිදුකළ වැටලීම්වලදී පනත උල්ලංඝනය කිරීම් 883ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම, වගකීම් සහතික නිකුත් නොකිරීම හා ලේබලයේ හෝ භාණ්ඩයේ මුද්‍රිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම යන හේතු යටතේ මෙසේ නඩු පවරා ඇත.

ඇසල උත්සව සමයේ කතරගම හා ඒ අවට වැටලීම් 79ක් ද මේ දින වකවානුව තුළ සිදුකර ඇත. මීට අමතරව පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර, හම්බන්තොට, මොණරාගල, පුත්තලම, කොළඹ, කළුතර, ගම්පහ, මාතර හා ගාල්ල යන ප්‍රදේශවල වැටලීම් විශාල වශයෙන් සිදුකෙරෙමින් පවතී.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනය එරෙහිව හා එම මරණයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද දහවල් පොලිස් මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ විශ්ව විද්‍යාල කොමිසන් සභාව ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය වෙත පා ගමනකින් ගමන් ගැනීමෙන් අනතුරුව මෙම සත්‍යග්‍රහය අරඹන බවයි.


JPAGE_CURRENT_OF_TOTAL