Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

හලාවත පැවති සත්‍යග්‍රහයට පොලිසියෙන් බාධා

හලාවත මුන්නේෂ්වරම් කෝවිල ඉදිරිපට අද පැවති සත්‍යග්‍රහයකට පොලිසියෙන් බාධා එල්ල වූ බව ජාතික සංඝ සම්මේලනය පවසයි. මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට හේතු වී ඇත්තේ හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ අද පැවැත්වීම නියමිතව තිබූ විශේෂ දේව පූජාවකදී එළුවන් හා කුකුළත් ඇතුළු සත්වයින් විශාල ප්‍රමාණයක් බිලි දීමට විරෝධය පෑමක් වශයෙනි. 

මහනුවර ඇසළ පෙරහැර සංදේශය අද ජනපතිට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික වාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් බව ​සඳහන් වන පෙරහැර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ජනපති රාජපක්ෂ මහතා වෙත අද (25) බාරදීමට නියමිතය.
එම සන්දේශය ජනාධිපතිතුමා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර නිල වශයෙන් නිමාවට පත්වේ. අද (25) දවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව දියවඩන නිළමේතුමා සහ  සතර මහ දේවාලවල බස්නායක නිළමේවරු පෙරහැරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගොස් මෙම සංදේශය ජනපතිතුමා වෙත පිළිගැන්වීම සිදුකෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහැර සමාප්ති උත්සවය ජනපති මන්දිරයේදී පැවැත්වෙන අතර, මෙහිදී මෙවර මහනුවර ඇසළ පෙරහැරට එක්ව සුවිශේෂි දක්ෂතා දැක්වූ ශිල්පීන්ට සම්මාන ප්‍රදානය සිදුකෙරේ.

කොරියානු රැකියා සදහා 30,000 කට ආසන්න අයදුම්පත්

මෙවර කොරියානු රැකියා සඳහා පවත්වනු ලබන කොරියානු භාෂා විභාගයට පෙනී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 30 ,000 ට ආසන්න බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන එම කාර්යංශය පවසනුයේ මේ වන විට දිවයින පුරා පුද්ගලයින් 29 ,732 ක් ඒ සදහා අයදුම් කර ඇති බවයි. මේ වසරේ ඔක්තෝබර් මාසයේ විභාගය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති අතර විභාගයෙන් සමත් වන පුද්ගලයින් 5000 ක් කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට නියමිතය.


මහවැලි ගගේ දියනෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු අතුරුදන්

මහවැලි ගගේ දිය නෑමට ගිය කොටහේන ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබේ. පේරාදෙණිය, ගොහාගොඩ සංගිලි පාලම අසල දී මොවුන් දියේ ගසා ගෙන ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. මෙසේ දියේ ගසාගෙන ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ පුතාය. මේ වන විටත් ඔවුන් සෙවීමේ කටයුතු සිදු කරන බව පේරාදෙණිය පොලිසිය සඳහන් කළේය.

වාහන ධාවනයේදී ප්රදවේශම් වන්නැයි පොලිසියෙන් අවවාද

ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දො‍රටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. අද පෙරවරුවේ එම ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බවත් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සහ හැටන් දක්වා වන මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් පවතින බව ද වාර්තා වේ. රථවාහන ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස හැටන් රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මහා පරිමාණ ඛණිජ තෙල් ජාවාරමක්

ඛණිජ තෙල් ගබඩාවල සිට ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන යනු ලබන බව්සරවලින්  ඉන්ධන සොරකම් කරන මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව තොරතුරු  හෙලි කර ගැනීමට ආරක්ෂක අංශ  සමත් වී තිබේ.
මෙතෙක් ශ්‍රී ලංකාවේන් වාර්තා වූ විශාලතම ඛණිජ තෙල්  ජාවාරම මෙය වේ. කොළඔ ප්‍රදේශය අවට වැටලීම් සිදුකර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ ස්ථාන 11ක් මේ වනවිට සොයා ගැනීමට පොලිස් විශේෂ කාරය බලකායට හැකියාව ලැබී ඇත.

නැව්වලින් ඉවත් කෙරෙන  කළු තෙල් ලීටර් දහස් ගණනක්  ඉතා අඩු මුදලට රැගෙනවිත් වර්ණ වෙනස් කොට ඩිසල් මෙන් සකස් කිරීම මෙම ස්ථානවල සිදු කර තිබේ.

ඛණිජ තෙල් සංස්ථාවේ සි‍ට රැගෙන එන බව්සරවලින් නියම ඉන්ධන ඉවත්කොට ඒ වෙනුවට මෙම ව්‍යාජ ඉන්ධන  ඇතලත් කර ඉන්ධන පිරවුම්හල් වෙත යැවීම ජාවාරම් කරුවන් විසින් වසර ගණනාවක සිට සිදු කරනු ලැබ ඇත.

දිවයින පුරාම මෙම ජාවාරම සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ස්ථානවල තිබී කළු තෙල් ලීටර් 30,000ක් සහ සොරකම් කළ ඩීසල් 15,000ක් සොයා ගෙන ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම යටතේ බුද්ධි අංශවල ද සහාය ඇතිව විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට තිබේ.

ශිෂ්යුත්ව විභාගය ලබන 22 දා

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් දිවයින පුරා මධ්‍යස්ථාන 2744 දී අගෝස්තු 22 වන දා විභාගය පැවැත්වෙන බවත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 511 ක් ස්ථාපිත කර ඇති බවත් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.

තවද මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා උතුරු නැගෙනහිර ඇතුළුව අයඳුම්කරුවන් තුන් ලක්ෂ දහතුන් දහසක් පෙනී සිටින අතර මෙවර විභාගයේදී කිසිදු අයඳුම්කරුවෙකුගේ දෙමාපියෙකුට හෝ වැඩිහිටියෙකුට විභාග මධ්‍යස්ථානයන්ට ඇතුල් වීමට ඉඩ නොදෙන බව විභාග ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආචාරශීලී නොවන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

මහනුවර ඇසල පෙරහැර රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් මහජනතාව හැසිරවීමේදී ආචාරශීලී විය යුතු බවත්, එසේ නොවන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.
පොලිස් සේවය මහජන මිත්‍රශීලී සේවයක් කරා ගෙනයාම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව ජනතාවට ආචාරශීලී ලෙස නොසලක නිලධාරීන් සම්බන්ධයෙන් තමා වෙත දැනුම් දෙන ලෙස නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු පෙන්වා දුන්නේ මහජනතාවට අකාරුණික ලෙස සලකන ලද පොලිස් නිලධාරියෙකු අසාදු ලේඛනගත කිරීමට පියවර ගත් බවයි. මෙම පොලිස් නිලධාරියාට මාස තුනක කාලයක් ගතවන තෙක් කිසිදු උසස් වීමකට ඉල්ලුම් කළ නොහැක.
එසේම ජනතාවට කාරුණික ලෙස සලකමින් රාජකාරී කටයුතු ඉටුකරන ලද පොලිස් නිලධාරිනියකට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පියවර ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අයුරින් ඉදිරියේදී ද පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් රටාව අධීක්ෂණය කරන බවත්, ඒ අනුව ඉදිරි පියවර ගන්නා බවත් නවරත්න මහතා සඳහන් කළේය.

මෙවර ඇසල පෙරහැර සඳහා දැඩි ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන ඇති අතර මේ  වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇත. එසේම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් ද ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇත.

ලෝකයේ හොඳම ර‍ටවල් 100 අතරට ලංකාවත්

Imageශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රටවල් සියය අතරට  එක්වේ. සෞඛ්‍ය සම්පන්න හා සමෘද්ධිමත් රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිවී තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 66 වැනි ස්ථානයයි. ආසියාවේ ප්‍රධාන පෙළේ රටවල් ද ඉක්ම‍වා මෙම ස්ථානය හිමිකර‍ ගැනීම විශේෂත්වයකි.
‘නිවුස් වික්’ සඟරාව මගින් පැවැත්වූ මෙම සමීක්ෂණයේදී ඉන්දියාව හිමිකර ගත්තේ 78 වැනි ස්ථානයයි. පාකිස්ථානය 89 වැනි ස්ථානයේ පසු වූ අතර බංග්ලාදේශය 88 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.

මෙහි පළමු වැනි ස්ථානය පින්ලන්තයට හිමිවිය. ස්විස්ටර්ලන්තය හා ස්වීඩනය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සි‍ටින අතර ලොව බලවතා වන ඇමෙරිකාව හිමිකරගෙන ඇත්තේ 11 වැනි ස්ථානයයි.

JPAGE_CURRENT_OF_TOTAL